brand logo

නවසීලන්තය ඔස්ට්‍රේලියාවේදි ‘වයිට් වොෂ්’ වෙයි

06 January 2020

නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විතට ටෙස්ට් තරගාවලියේම ජය ගනිමින් ‘වයිට් වොෂ්’ ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පිල අද සමත් විය. ඒ, දෙරට අතර පැවැති තෙවන ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ලකුණු 279කින් ජය ගැනීමත් සමගය. තෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 454ක් රැස්කර ගත් අතර, නවසීලන්ත පිල රැස්කර ගත්තේ ලකුණු 256ක් පමණීයි. ඉන් අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල කඩුළු 2ක් දැවී ලකුණු 217ක් රැස්කරගෙන සිටියදී පන්දුවට පහරදීම සදහාා නවසීලන්ත පිලට ආරාධනා කළේය. ලකුණු 416ක අභියෝගයක් සමග පිටියට පැමිණි නවසීලන්ත පිලට සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 136ක් පමණීයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිලට ලකුණු 279ක් ජයක් හිමිවිය.
 

More News..