brand logo

නවසීලන්තයෙන් ආනයනය කළ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු නෑ - රාජිත

07 February 2019

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (07දා) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. " බුද්ධික පතිරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක්. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නෑ ." යැයි ඔහු සඳහන් කළ අතර නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවය. එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
 

More News..