brand logo

නවසීලන්තයට ලකුණු 45ක ජයක්

03 January 2019

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 371ක් රැස්කර ගත්තා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මාර්ටින් ගුප්ටිල් ලකුණු 138ක් රැස්කර ගත්තා. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වනවා. ඊට අමතරව කේන් විලියම්සන් ලකුණු 76ක්, රොස් ටේලර් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ නුවන් ප්‍රදීප් කඩුළු දෙක බැගින් දවා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 371ක අභියෝගයක් හිමිවුණා. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 326ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 102ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 76ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 43ක් ලබාගත්තා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 45කින් මෙම තරගය ජයගනු ලැබුවා. එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගෙන නවසීලන්තය තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.
 

More News..