brand logo

නවසීලන්තයට ලකුණු 423ක ජයක්

30 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ ලකුණු 660ක අභියෝගයක් භාරගනිමින් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 236ක් පමණයි. ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් සහ නායක දිනේශ් චන්දිමාල් ලකුණු 56ක් ලබාගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම හේතුවෙන් ලකුණු 22ක් ලබාගෙන සිටියදී පිටියෙන් ඉවත් වුණා. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්තය ලකුණු 178ක් රැස්කළ අතර, ශ්‍රී ලංකාව ලකුණු 104ක් ලබාගත්තා. ඉන් අනතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් නවසීලන්තය කඩුළු 4ක් දැවී ලකුණු 585ක් ලබාගත්තා. ඒ අනුව ලකුණු 660ක අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනය වන අද දිනයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි. ඒ අනුව මෙම තරගාවලියේ 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.
 

More News..