brand logo

නවසීලන්තයට පහසු ජයක්

31 January 2019

ඉන්දීය කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය පිලේ සියලුම පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 5කදී දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දීය කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 92ක් පමණයි. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවූ Trent Boult කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව Colin de Grandhomme කඩුළු 3ක් දවාගත්තා. ලකුණු 92ක අභියෝගයක් සමග පිටියට පැමිණි නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 14යි පන්දු 4ක් තුළ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 93ක් ලබාගෙන තරඟයේ ජය වාර්තා කළා. රොස් ටේලර් නොදැවී ලකුණු 37ක් සහ හෙන්රි නිකලස් නොදැවී ලකුණු 30ක් ලබාගත්තා. ඒ අනුව නවසීලන්තය පන්දු 212ක් ඉතිරිව තිබියදී කඩුළු 8කින් තරඟයේ ජය වාර්තා කළා. මෙම තරඟාවලිය තරඟ 3ට 1ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. තරඟාවලියේ අවසන් තරඟය පෙබරවාරි 3වැනි දින පැවැත්වීමට නියමිතයි.
 

More News..