brand logo

නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා

26 November 2020

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම ආසාදිත ක්‍රීඩකයින් 6දෙනාම නිරෝධායනය සදහා යොමු කර ඇති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත. මෙම ක්‍රීඩකයින් ආසාදිතයින් ලෙස හදුනාගැනුනේ නවසීලන්ත සෞඛ්‍ය අංශ විසින් එරටට පැමිණි 53ක් වූ පාකිස්ථාන සංචිතයේ සියලු සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ලාහෝර් නුවරින් ගුවන් ගතවීමට පෙර සියලු සාමාජිකයින් සිව් වතාවක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කළ බවයි. පාකිස්ථාන කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරග 2ක් පන්දුවාර විස්ස ක්‍රිකට් තරග 3කට සහභාගිවීමට සැළසුම් කර තිබේ.
 

More News..