brand logo

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 6කට කොවිඩ්

11 May 2021

නවදිල්ලියේ පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පවසයි. මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් දූරස්ථව සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උප කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි
 

More News..