නවතම වසංගතයක් ගැන චීනය අනතුරු අගවයි
30 June 2020
නවතම වසංගතයක් ගැන චීනය අනතුරු අගවයි
30 June 2020
ඌරන් මගින් ව්‍යාප්ත වන වෛරසයක් පිළිබද පුවතක් චීනයෙන් වාර්තා වනවා.
චීන විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකදී හෙලිව ඇත්තේ චීන ඌරන් හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි.
මෙම වෛරසය මිනිසුන් අතර ඉක්මනින් බෝ වීමේ හැකියාවක් පවතින අතර එය ගෝලිය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම විශේෂඥයින් කණ්ඩායම පෙන්වා දෙයි.
චීනයේ ඌරු ගොවිපල කිහිපයක් අශ්රීතව සිදුකළ පරීක්ෂණයන්ට අනුව එම ගොවිපලවල සේවය කරන පුද්ගලයින්ගේ රුධිර සාම්පල තුල වෛරසය පවතින බවට තහවුරු කරගෙන ඇත.