brand logo

යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි

27 February 2019

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පවසයි. විග්නේශ්වරන් මහතා පැවසූවේ තාක්ෂණ පීඨයේ ඇති වු නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් තාවකාලික විශ්ව විද්‍යාල පීඨය වසා දැමීමට පාලක සභාව තීරණය කොට ඇති බවයි. විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨය වෙත නවක සිසුන් බඳවාගෙන ඇති අතර,එහිදි නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති බවයි. තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්වය සමතයකට පත්වු විගස පීඨය නැවත ආරම්භ කරන බවද හෙතෙම සදහන් කළේය.
 

More News..