brand logo

නවක මන්ත්‍රීන්ට පළමුව කෝටි දෙකේ පර්මිට් ?

18 September 2020

  පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 79 දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට අදහස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසෙනවා. සෙසු මන්ත්‍රීවරුන්ට ඉන් පසුව තීරුබදු රහිත වාහන බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු පවසා ඇති බව සඳහන්. මෙහිදී වාහන බලපත්‍රය නිකුත් කිරීම සඳහා මන්ත්‍රීන්ගේ වැටුප් හා අනෙකුත් අදාල තොරතුරු මේ දිනවල එක්රැස් කරන බව පැවසෙනවා. පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීවරයෙකුගේ තීරුබදු රහිත වාහන බලපත්‍රයක වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නයි. දැනට ආනයනය අත්හිටුවා ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන වලින් තම අභිමතය වාහන මිලදී ගතහැකියි. නැති නම් තහනම ඉවත්වූ පසු ආනයනය කර ගතහැකි බව ආරංචි මාර්ග පවසනවා. මේ අතර තේරී පත්වූ ඇතැම් මන්ත්‍රීවරුන් තීරුබදු රහිත බලපත්‍ර නොගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අවස්ථාද තිබෙන බව නොරහසක්.
 

More News..