brand logo

නවක ක්‍රීඩකයෙක්ට වුනත් මම සළකන්නේ මම මාලිංගට සලකන විදිහටම තමයි

14 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී තිබේ. එම සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න කිහිපයක් පහතින් වේ. ප්‍රශ්න අංක 01 - දිමුත් ඔබ සිව් වසරකට පසුවයි එක්දින ජාත්‍යන්තර පිටියට පැමිණෙන්නේ, ඒ නායකත්වයේ බරත් දරා ගනිමින්. එම තත්ත්වයේ අත්දැකීම් ගැන කිව්වොත් ? දිමුත් - ඒක ලොකු අභියෝගයක්. එහි බරපතලකම දැන ගෙන තමයි මම භාර ගත්තේ. මම දන්නවා මගේ දක්ෂතාවය තබාගෙන මම තනිවම මගේ තැන හදාගත යුතුයි කියලා. ලොකු පීඩනයක් තියෙනවා, ඒ පීඩනයත් එක්ක තමයි දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. කොහොම වුනත් මගේ පළවැනි ජොබ් එක තමයි පිතිකරුවකුගේ කාර්යභාරය. ඒක මම හරිය කළොත් නායකත්වයේ කටයුතු කරන්න පහසුවෙයි. ප්‍රශ්න අංක 02 - නායකයෙකු ලෙස ඔබ ශක්තිමත් කියලා සිතනවාද ? දිමුත් - මම හැමෝමත් එක්ක ළගින් ඇසුරු කරනවා. මම හැමෝටම එක වගේ තමයි සලකන්නේ. ජ්‍යෙෂ්ඨයන් - කණිෂ්ඨයින් කියලා මට වෙනසක් නැහැ. අද කණ්ඩායමට ආපු නවක ක්‍රීඩකයෙක්ට වුනත් මම සළකන්නේ මම මාලිංගට සලකන විදිහටම තමයි. මම හැමෝටම කියලා තියෙන්නේ, යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම්, මං ළගට ඇවිත් කියන්න එය මගේ ප්‍රශ්නයක් සේ සලකා විසදුමක් හොයලා දෙන් නම් කියා. ප්‍රශ්න අංක 03 - ඔබ එක්දින නායකත්වයට පත්වීමට පෙර මාලිංග ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා. ඔබ නායකත්වයට පත්වුනාට පසුව ඔබ දෙදෙනා අතර සම්බන්දතාවය කොහොම ද ? දිමුත් - ඔහු ඇත්තටම කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයෙක්. මම වැඩි වශයෙන් කිව යුතු නැහැ මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කරපු කාර්ය භාරය ගැන. මම නායකත්වයට පත් වුනාට පසු මම මාලිංග අයියට කතා කළා. මොකද මාලිංග අයියා කියලා තිබුණා ලෝක කුසලානයේදී නායකත්වය නොලැබුනොත් ක්‍රීඩා නොකරන බවට. ඒත් මම පුද්ගලිකව කතා කරලා ඔහුගෙන් ඉල්ලීමක් කළා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන්න කියලා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගොඩක් දේවල් කරපු ක්‍රීඩකයෙක් විදිහට සිව් වසරකට වරක් එන ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
 

More News..