brand logo

නවකයින්ට අමානුෂික ලෙස පහර දුන් ජ්‍යෙෂ්ඨයින්ගේ පන්ති තහනම්

19 November 2020

නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය ඊයේ(18) දා තීරණය කොට තිබේ. 2020-10-08 වෙනි දින අවස්ථා කීපයකදීම ජෙයෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට පහර දීම නිසා නවක සිසුන් හය දෙනෙකු තුවාල ලැබූ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 12 දෙනෙකු චෝදනා ලැබ සිටියහ. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය නන්දකුමරන්ගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණ්යේ වාර්තාව ඊයේ එළි දැක්වුණු අතර එහිදී ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ. එම සිසුන්ගෙන් සිසුන් 4 දෙනෙකුට මාස 6 ක කාලයක පන්ති තහනමක්ද ඉතිරි තුන් දෙනාට වසරක පන්ති තහනමක්ද නියම කොට ඇති අතර මේ කාලයේදී එම සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කොට තිබේ. ඔවුන් සියළු දෙනාගේම ශිෂ්‍යාධාර ඇතුලු සියළුම පහසුකම් අත්හිටුවිමට කටයුතු කර ඇත.
 

More News..