brand logo

නරක් වූ බෙහෙත්වලට අලුත් ලේබල් ගහලා රට පුරා ෆාමසි වලට දාලා

13 June 2021

රටම ලෙඩ කෙරුව නැදිමාලේ හොර බෙහෙත් ගබඩාවේ කෙරුවාව මෙන්න

කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඔසු සල්වලට බෙදා හරින ජාවාරමක් වැටලීමට දෙහිවල පොලීසිය හා බස්නාහිර පලාත් බුද්ධි ඒකකය සමග ජාතික ඖෂධ නියාමක අධිකාරිය නිලධාරීන් සමත්ව ඇත. ඊයේ (12) වන දින කළ මේ වැටලීමෙන් කල් ඉකුත්වූ ඖෂධ විශාල තොගයක් සමග ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. [caption id="attachment_151120" align="alignnone" width="588"] කල් ඉකුත් වූ ඖෂධ වටලයි[/caption] අත්අඩංගුවට පත්වූ සැකකරු (51) වැනි වියේ පසුවන නෙළුම් මාවත, අත්තිඩිය ලිපිනයෙහි පදිංචිකරුවෙකි. සැකකරු විසින් දෙහිවල පොලිස් වසමේ නැදිමාල රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි කුලියට ගත් සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව සූක්ෂම ලෙස වසර (07) ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇත.

විදෙස් රටවලින් ආනයනය කරන බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුට ඖෂධ ගබඩා කිරීමේ හා බෙදැහැරීම සදහා අධිකාරියෙන් ලබාගත් බලපත්‍රයක් ඇතත් මේ වන විට එම බලපත්‍රය කල් ඉකුත් වී ඇත. [caption id="attachment_151121" align="alignnone" width="643"] කල් ඉකුත් වූ ඖෂධ ගබඩා කර තිබූනු අයුරු[/caption] බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ දැනුම්දීම මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදුකල පරීක්ෂාවේදි සුඛෝපභෝගී දෙමහල් නිවසේ කාමර කීපයකම පෙට්ටිවල අසුරා ගබඩාකර තිබු කල්ඉකුත්ව ඇති ඖෂධ වර්ග මෙන්ම පෙති වර්ග තොගයක් සොයා ගැනීමට හැකි වී ඇත. [caption id="attachment_151122" align="alignnone" width="640"] ව්‍යාජ දින යොදා ඇසුරුම් කිරීමට සූදානම් කර තිබුණු කල් ඉකුත් වූ ඖෂධ වලින් කොටසක්[/caption] පසුව සිදුකළ වැඩිදුර පරික්ෂාවන් වලදී ඇසුරුම් කළ බෙහෙත් කරල් හා බෙහෙත් පෙති ඉවත්කර තිබූ කාඩිපත් හා එම ඇසුරුම්වලින් ඉවත් කරගත් ඖෂධ විශාල ප්‍රමාණයක් ද දින වෙනස්කර නව ස්ටිකර් මුද්‍රණයට යොදාගත් පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය හා මුද්‍රණය කර තිබූ කල් ඉකුත්වීමේ දින හා නිෂ්පාදිත දින සඳහන් ස්ටිකර් තොගයක්ද අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය පැවසීය. [caption id="attachment_151123" align="alignnone" width="511"] අත්අඩංගුවට ගත් උපකරණ[/caption] ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිමල් ජයසිරි මහතාගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කල් ඉකුත් වූ සියලුම ඖෂධ තොග ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන ඒවා විනාශ කිරීමටත් කටයුතු කරන අතර කල් ඉකුත් වූ ඖෂධ වර්ග බෙදා හැර ඇති ඖෂධ හල් හා ස්ථාන සොයා වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා සෞඛ්‍ය පරීක්ෂක වැටලීම් හා නීතිය බල ගැන්වීමේ ඒකකයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පැවසීය. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..