brand logo

නයි මිරිස් මිල සැරවෙයි

08 February 2022

මිල වැඩිවෙන්න හේතුව ගොවීන් කියයි

වෙළඳපොලේ නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනවා. හැටන් රුවන්පුර ජනපදය, බගවන්තලාව, මස්කෙලිය වැනි ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින් නයි මිරිස් වගාව මහ පරිමාණයෙන් සිදු කරන අතර මෙවර අස්වැන්න අඩුවීම හමුවේ නයි මිරිස් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් පවසන්නේ. නයි මිරිස් වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හමුවේ එම ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර භාවිතා කරමින් නයි මිරිස් වගාව සිදු කලද එහි අස්වැන්න අඩුවීමත් නයි මිරිස් වගාවට බෝ වන  දිලීර රෝගයක් හේතුවෙන් මිරිස් පැළ විශාල වශයෙන් විනාශ විමත් මෙසේ නයි මිරිස් මිල ඉහල යාමට හේතු වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
 

More News..