brand logo

නයිජීරියාවෙන් ආව නැවක පෙට්ටි 36 ක අසුරා මිනිස් ශිෂ්ණ 7221ක්: කතාවේ ඇත්ත මෙන්න

22 May 2021

‘කෙසෙල්’ ලෙස ලේබල් කර පෙට්ටිතුළට දාලා

එක ශිෂ්නයක මිල ඩොලර් 160,000 ක් ලු

ලොව විශාලතම මිනිස් අවයව ජාවාරම ගැන බොරු කියපු වෙබ් අඩවිය අතුරුදන්

ඉතිහාසයේ ලොව විශාලතම මිනිස් අවයව අත්අඩංගුවට ගැනීම ලෙස දක්වා ඇති මෙහිදී අප්‍රිකානු සම්භවයක් ඇති මිනිස් ශිෂ්ණ 7221 ක් චීන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිර්නාමික තොරතුරු දැනුම් දෙන්නෙකු විසින් චීන බලධාරින්ව දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහයි වරායේ නැංගුරම් ලා තිබූ නැවක ශීත කළ භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක සඟවා තිබූ අවයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

නයිජීරියාවේ ලාගෝස් සිට පැමිණි නැවක ශීත කළ කන්ටේනරය තුළ ‘කෙසෙල්’ ලෙස ලේබල් කරන ලද පෙට්ටි 36 ක මෙම අවයව ඇසුරුම් කර තිබී ඇති අතර නයිජීරියානුවන් සිව්දෙනෙකු, මාලි ජාතිකයින් දෙදෙනෙකු සහ කැමරුන් ජාතිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත නැවේ කාර්ය මණ්ඩලය දැන් රඳවා තබා⁣ ගෙන ඇත. චීන රේගුවේ පරිපාලක නිළධාරියෙකු වන Li Wu මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ අප්‍රිකාවේ සන්නද්ධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙසේ අවයව ජාවාරම තම සංවිධානවලට මුදල් උපයා ගැනීම සඳහා යොදා ගන්නා බවත් එබැවින් මෙවැනි අත් අඩංගුවට ගැනීම් ඉදිරියේ දි තවත් සිදුවිය හැකි බවත් ය.

"මෙම අවයව දැන් පොදු වෙළඳ භාණ්ඩ. නමුත් ඒවා නිසැකවම අපිරිසිඳු තත්ත්වයන් යටතේ ලබා ගෙන ඇති නිසා හෝ යම් අවස්ථාවක දී අපවිත්‍ර වී ඇති නිසා අපට ඒවා චීන වෙළඳපොළට නිකුත් කළ නොහැකියි" ඔහු පැවසීය.

Li Wu මහතා පවසන්නේ මෙම අවයව නයිජීරියාවේ ලාගෝස් සිට නැව්ගත කර, එම රට හරහා පමණක් සංක්‍රමණය වී ඇතත් ඒවා අප්‍රිකාවේ වෙනත් තැනකින් ලබා ගත් ඒවා විය හැකි බවයි. "ලිබියාවේ සහ සුඩානයේ මිනිස් ශිෂ්ණ අනෙකුත් අප්‍රිකානු යුද කලාපවල ඒවාට වඩා ඉහළ මිලක් ලබා ගන්නා බව අපි දනිමු. නමුත් විමර්ශනය අවසන් වීමට පෙර මේවා කොහෙන් ආවා දැයි කිව නොහැක"

අවයවවල වටිනාකම මත්ද්‍රව්‍යවල වටිනාකම තරම් ම ඉහළ අගයක් ගන්නා බව පවසන ඔහු මෙම ප්‍රමාණයේ ශිෂ්ණයක් සාමාන්‍යයෙන් කළු කඩ ජාවාරම තුළ ඩොලර් 160,000 ක පමණ අගයක් ගන්නා බවත් ඒ අනුව මෙහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.15 ට වඩා වැඩි බවත්ය.

මේ හා සමාන අත්අඩංගුවට ගැනීම් ඉදිරියේ දී බහුලව සිදුවිය හැකි බවත් කියා සිටියි. අප්‍රිකාවේ සන්නද්ධ කණ්ඩායම් ඉදිරි වසර කිහිපය තුළ තම හමුදා මෙහෙයුම් සඳහා මුදල් ඉපයීම සඳහා අවයව ජාවාරම වෙත යොමු වී සිටියි. 2002 සිට අවස්ථා නවයකදී මෙසේ මිනිස් ශිෂ්ණ අඩංගුවට ගෙන ඇත. නමුත් අද මෙම අත්අඩංගුවට ගත් මිනිස් ශිෂ්ණ ප්‍රමාණය පසුගිය අවුරුදු 18ක කාලය තුළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශිෂ්ණ ප්‍රමාණය මෙන් හතර ගුණයකට වඩා වැඩිය. -Jenny Ese Obukohwo The Street Journal(12//04/2021) පරිවර්තනය: ලෝචන ප්‍රනාන්දු

කර්තෘ සටහන

ඔබ මෙතෙක් ත්‍රාසයෙන් භීතියෙන් හා කුතුහලයෙන් යුතුව කිය වූ මේ ප්‍රවෘත්තිය සත්‍ය ලෝකේ සිදු වූවක් නොවන බව ඔබ දන්නවාද?   එහෙමනං මෙහෙම එකක් ලියවුනේ ඇයි? මේක satire (උපහාසය දනවන) ආර්ටිකල් එකක්. satire එකක් කියන්නේ මිනිසුන්ගේ මෝඩකම්, දුෂ්ටකම් එලිදරව් කිරීමට හා විවේචනය කිරීමට හාස්‍යය, උත්ප්‍රාසය,අතිශයෝක්තිය හෝ සමච්චල් කිරීම උපයෝගි කරගත් ලේකන ක්‍රමයක්. විශේෂයෙන්ම සමකාලීන දේශපාලනික හා වෙනත් මාතෘකා පිළිබද සන්ධර්භයන් තුළ තමයි මේ ක්‍රමය භාවිතා වන්නේ.

මේ ප්‍රබන්ධය මුලින්ම පල කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම satire ප්‍රවෘත්තිම විතරක් තියන වේබ් අඩවියක් වන world news daily report එකේ.

    මේ වෙබ් අඩවියේ හිමිකම් ඇහිරීමේ සටහනේ ඔවුන් සඳහාන් කරනවා ඔවුන්ගේ වෙබ් පිටුවේ ඇති සියලුම ලිපිවල වල තියෙන උපහාසාත්මක බවට හා ප්‍රබන්ධාත්මක බවට ඔවුන් වග කියන බවට.   ඒ වගේම මේ කතාවට සම්බන්ධ ඡායාරූපත් මිලදී ගත් ඒවා. මේ කතාවේ තියෙනවා ෆොටෝ එකක් ‘‘chines jenaral administration of costom‘‘ කියලා. මේ පන්තූරේ stock image වෙබ් අඩවියක් වන alamy එකෙන් තමයි මෙයාලා අරගෙන තියෙන්නේ. ඒ ඡායාරූපේ 2019 අප්‍රෙල් මාසයේදී චීන රේගුව විසින් ඇත්දල ටොන් 7.48 ක් අත්අඩංගුවට ගත් අවසාතාවේදී පැවැත් වූ මාධ්‍ය හමුවේ ඡායාරූපයක්.     මේ ප්‍රබන්ධය මුලින්ම world news daily report වෙබ් පිටුවේ පල වෙලා තියෙන්නේ 2021 මාර්තු 19 වැනිදා. ඊට පස්සේ නයිජීරියානු පාඨකයින් ඉලක්ක කර ගත්ත තවත් වෙබ් අඩවි 5ක විතර මේක පල වෙලා තියෛනවා. නමුත් ඒ එකකවත් මේ කතාව satire එකක් කියලා සඳහාන් කරලා නෑ.

නයිජීරියාවෙන් ප්‍රතිචාර

අප්‍රේල් 19 නියිජිරියානු දේශපාලනඥයෙක් වන ෆෙමී ෆනී කයෝඩේ (femi fani kayode)මේ ගැන ට්වීට් සටහනක් තබා තිබුණා.   ‘‘නයිජීරියාවේ නැවක් චීනෙට ගොස් ශිෂ්න 7200ක් ජාවාරම් කිරීමට යාමේදී  අත්අඩංගුවට ගෙනඇත. සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත නයිජීරියානු ශිෂ්න මෙලෙස හොර රහසේම චීනයට ගෙනයනු ලැබේ. නයිජීරියාව ලොව විශාලතම ශිෂේණය අපනයනය කරන රට වන අතර මෙහි පැහැරගැනීම් සහ බිලිපූජා පැවැත්වීම් සිදු වේ.‘‘

‘‘චිනේ මොනවද මේ ශිෂ්න එක්ක කරන්නේ? ඇයි ඔවුන් විශේෂයෙන් නයිජිරියානු ඒවාට මේ තරම් කැමැති. මේක විහිලුවක් නෙවෙයි බරපතල ප්‍රශ්නයක්. චීනේ අපේ ශිෂ්නවලට පාඩුවේ තියෙන් දෙන්න ඕන වගේම නයිජීරියාවේ ඔවුන් වෙනුවෙන් ඒවා මිල දී ගන්නා අය ත්‍රස්තවාදීන් ලෙස සලකා තුරන් කළ යුතුයි. ‘‘

බැලූ බැල්මට femi fani kayode ගේ ට්වීට් දෙකත් satire විදිහටම තමයි එයා ලියලා තියෙන්නේ. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් කියලා මුලින්ම කිව්වේ reuters කියන වෙබ් අඩවිය.   කොහොම වුණත් මේ වන කොට මේ ප්‍රභන්ධය පලකල world news daily report වෙබ් අඩවිය සයිබර් අවකාශයේක දකින්න නෑ. ඒ වගේම world news daily report වෙබ් අඩවිය පල කළ මේ ප්‍රවෘත්ය satire එකක් වුණත් මේ මොහොතේත් මිනිස් අවයව ජාවාරම මේ ලෝකේ ජයටම වෙන බව නම් ප්‍රබන්ධයක් නෙවෙයි. සමහර විට පහත දැක්වෙන ප්‍රවෘත්තියත් මීටම සම්බන්ධ එකක් වෙන්නත් පුලුවන්. [caption id="attachment_146379" align="alignnone" width="438"] (මෙයද මිතුරකු විසින් WhatsApp ඔස්සේ එවන ලද්දකි) [/caption] https://thestreetjournal.org/2021/04/chinese-authorities-seize-7221-human-penises-on-cargo-ship-from-nigeria/
 

More News..