brand logo

නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙක් මෙරට පරිගණක අපරාධ කරලා

10 January 2021

    මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ විශාල සංඛ්‍යාවකට සම්බන්ධ නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. මෙම පිරිස සමාජ මාධ්‍ය ජාලා, ඊමේල් හා දුරකථන කෙටි පණිවිඩ තුළින් පරිගණක අපරාධ සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ පසුව එම කාලය ඉක්මවා ගිය පසු මෙරට රැදී සිට අදාල අපරාධ ක්‍රියා සිදුකර තිබේ. ඊයේ (09) බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරු මත ගල්කිස්ස ප්‍රදේශයේ අනවසරයෙන් රැඳී එම නයිජීරියානු ජාතික පරිගණක අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙනු සිදුකරන්නේ නම් ඒ පිළිබඳ වඩාත් විමසිලිමත් වන ලෙසයි.
 

More News..