brand logo

නත්තල් සමාව නත්තලෙන් පස්සේ

25 December 2020

    බන්ධනාගාරගත රැඳවියන්ට හිමි නත්තල් සමව ඉදිරියේදී ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ ඊට අදාළ සමාලෝචන වාර්තා 100ක් පමණ අධිකරණ අමාත්‍යාංශය වෙත යවා ඇති බවයි. චන්දන ඒකනායක මහතා, "බන්ධනාගාර නේවාසිකයින් සඳහා නත්තල නිමිත්තෙන් ලබාදීමට සිටි ජීවිතාන්ත සමාව ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා. ජීවිතාන්ත සිරදඬුවම් විඳින රැඳවියන් සඳහා ලබාදෙන සිව් අවුරුදු සමාලෝචන වාර්තාව හා සම්බන්ධවන සමාවත් ඉදිරි කාලයේදී ලබාදීමට බලාපොරොත්තුවෙන බවත් අධිකරණ අමාත්‍යාංශයෙන් දන්වලා තියෙනවා. සමාලෝචන වාර්තා 100ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරලා තියෙන්නෙ. බන්ධනාගාර නේවාසිකයින් සියලුම දෙනා නත්තල් සමාව ගැන දැඩි උනන්දුවකින් සිටිනවා,"
 

More News..