brand logo

නත්තල් සතිය තුළ සංචරණය සීමා පනවයි ද?

12 December 2020

දෙසැම්බර් මාසයේ අවසන් සතියේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් හෝ හුදෙකලා කිරීමක් සිදුකිරීමට මේ දක්වා කිසිදු අපේක්ෂාවක් නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සහ හුදෙකලා කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර ප්‍රධාන වශයෙන් මත දෙකක් ඉදිරිපත් වන බවත් මේ සියල්ල සැලකිල්ලට ගෙන ජනතාවට වඩාත් සුබදායි තීන්දු තීරණ ගැනීමට පියවර ගන්නා බව යුධ පමුදාපතිවරයා පවසයි. කොළඹ නගරසභා සීමාව තුළ කොරෝනා ව්‍යාප්තිය යම්තාක් දුරකට පාලනය කර ඇති බව ද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
 

More News..