brand logo

නත්තල් දා සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි

29 November 2018

ලොව කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැලකෙන දෙසැම්බර් 25 නත්තල් දිනයදා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීම සිදු කරන දිනයක් ලෙස කාල සටහන් ඇතුලත් කර ඇති බවට ලංකා ගුරු සේවක සංගමය පවසනවා. මෙදිනට කතෝලික ගුරුවරුන් ඇතුළු නිලධාරීන් සේවයේ යෙදවීම මගින් දැඩි අපහසුතාවයකට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවක සංගමය විරෝධය පල කරන අතර ඔවුන් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්වය වහාම වෙනස් කිරීමට කටයුතු කර දෙන ලෙසටයි.
 

More News..