brand logo

නගර සැලසුම් ලොක්කෝ පිරිසක් සේවකයන්ට වෙන් කළ මුදලින් රට සවාරි යන්න සැරසෙති

01 December 2018

මහනුවර නගරයේ අපජල ව්‍යාපෘතියේ සේවය කරන මහනුවර මහනගර සභාවේ හා ජල සම්පත් මණ්ඩලයේ සේවකයින්ට විදේශ පුහුණුවක් ලබාදීමට වෙන් කරන ලද මුදලින් නගර සැලසුම් හා ජලසම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එළැඹෙන දෙසැම්බර් 03 වැනිදා සිට තායිලන්තයේ සතියක සංචාරයක නියැළීමට සැලසුම් කර ඇති බවක් වාර්තා වේ. මහනුවර නගරයේ අපජලය බැහැර කිරීම සඳහා ජයිකා ආධාර යටතේ රුපියල් බිලියන 22ක් වැය කර නළ පද්ධතියක් ඉදිකර ඇති අතර ඊට මහනගර සභාව යටතේ යොදවා ඇති සේවකයින් 22ක් හා ජලසම්පත් මණ්ඩලයේ සේවකයන් 20ක් ඇතුළු හතළිස් දෙදෙනකුට මැලේසියා පුහුණුවක් ලබාදීමට සැලසුම් කර තිබිණි. නගර සැලසුම් හා ජල සම්පත් අමාත්‍යාංශයේ සේවය කරන එහෙත් ඒ වෙනුවට ළඟදී විශ්‍රාමයාමට නියමිත 12 දෙනකුට තායිලන්ත සංචාරයක් ලබාදීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාවේ කොමසාරිස් චන්දන සේනාරත්න ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ වන විට තාවකාලිකව අදාළ විදේශ පුහුණුව සම්බන්ධ වැඩසටහන නතර වී ඇති බවයි. නගර සැලසුම් හා ජලසම්පත් අමාත්‍යාංශ ලේකම් වී.ජී.එම්.යූ. හපුආරච්චිගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන බවයි.
 

More News..