brand logo

නගරාධිපතිගේ හිටපු රියැදුරු ජමරෙට කසිප්පු පෙරලා

24 June 2021

මොරටුමුල්ල පිළියන්දල පාරේ අතුරු මාර්ගයක කෙළවර පිහිටා ඇති නිවසක පවත්වගේන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනකු සමග කසිප්පු පෙරිමට යොදා ගන්නා උපකරණ හා කසිප්පු බැරල් 6ක් අද(24) අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව නගාරාධිපතිවරයාගේ හිටපු රියැදුරකු තවත් අයෙකු සමග මෙම කසිප්පු තිප්පොල පවත්වාගෙන ගොස් ඇත. පොලීසිය විසින් වැටලීම සිදු කරන විටත් සැකකරුවන් කසිප්පු පෙරමින් සිටි අතර පොලිසියෙන් මිදී පලා යාමට උත්සහා දරා ඇත. මොරටුමුල්ල පොලිසියේ ස්ථානාධිපති කමල් බණ්ඩාර වෙත ලද තොරතුරක් මත මොරටුමුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලිම සිදු කර ඇත. දර්ශාන් කානිල්- මොරටුව
 

More News..