brand logo

නකල්ස් කලාපයට සංචාරක දර්ශන පථ දෙකක්

19 August 2020

නකල්ස් සංචාරක කලාපය ආශ්‍රිතව දර්ශන පථ දෙකක් ඉදිකිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනී. යෝජිත දර්ශන පථ රිවස්ටන් කපොල්ල සහ ගෝණමඩවත්ත 28 වැනි කිලෝමීටරය ආසන්නයේ ඉදිකිරීමට නියමිතව තිබේ. මෙම ඉදිකිරීම් සඳහා මහවැලි සංවර්ධන අධිකාරියේ ද සහය ලබා ගැනීමට නියමිතය. නක්ලස් පරිසරයේ සුන්දරත්වය පියවි ඇසින් තවදුරටත් විද ගැනීමට නක්ලස් කලාපයට පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. පරිසර සංවිධාන කිහිපයක්ම මෙම දර්ශන පථ ඉදිකිරීම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබිණි.
 

More News..