brand logo

නංගි ප්‍රංශේ යවන්න අක්කා අම්මයි තාත්තයි මරලා

17 September 2020

නැගණියට ප්‍රංශයේ පුරවැසිභාවය ලබාදීම සඳහා තම දෙමාපියන් යුද්ධයේදී මියගිය බවට කූට මරණ සහතික සකස් කරගත් අක්කා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම කූට ක්‍රියාවට සහාය වූ බව කියන ග්‍රාම නිලධාරිවරයකු සහ මුලතිව් රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාද මුලතිව් කොට්ඨාස වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කත ප්‍රශංයේ පදිංචි වී සිටින යෝගේෂ්වරන් තිබේදනී යන සිය නැගණියට එරට පුරවැසිභාවය ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරිවරයකුගේ සහ මරණ පරීක්ෂකවරයකුගේ සහායෙන් තම මාපියන් යුද්ධයේදී මියගොස් ඇතිබවට මරණ සහතිකයක් සකස් කරගෙන තිබිණි. විමර්ශනවලින් සනාථ වූ තොරතුරුවලට අනුව යෝගේස්වරන් නමැති පියා 2014 නොවැම්බර් 24 වැනිදා මුලතිව් මාන්චෝලෙයි රෝහලේදී පිළිකා රෝගයකින් මියගොස් ඇති අතර යෝගේෂ්වරන් ජෙස්ටිමෝනා නමැති මව තවමත් ජීවතුන් අතරය. කෙසේ නමුත් ​ඔවුන් දෙපළ මියගිය බව සඳහන් කරමින් නීත්‍යනුකූල මරණ සහතිකය 2018 මැයි මස 09 වැනි දින ලියාපදිංචි කර තිබේ. විමර්ශනවලට අනුව කූට ලෙසින් නීත්‍යනුකූල මරණ සහතික ද්විත්වයක් සකස් කිරීමට මූලික වූ මුලතිව් මල්ලියතිව් අංක 39 ග්‍රාම නිලධාරි වසමේ ධර්මලිංගම් රකිදරන් නමැති ග්‍රාම නිලධාරිවරයාත් මුලතිව් රෝහලේ මරණ පරීක්ෂකව සිටින ක්‍රිෂ්ණපිල්ලේ ත්‍යාගරාසා යන අයත් අත්අඩංගුවට ගෙන තිබේ. එෆ්. අස්ලම් ,ඉෂාර රත්නකාර
 

More News..