brand logo

ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිව්රුම් දෙති

29 July 2019

ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ යළි දිවුරුම්දී ඇත. ඒ අනුව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන් අතර රිෂාඩ් බද්දියුදීන් මහතා දිවුරුම් දී ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස වන අතර අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්ඩීන් මහතා කෘෂිකර්ම, වාරිමාර්ග, සහ ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අබ්දුල්ලා මහරූෆ් මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. සාහිර් මවුලානා, එච් එම් හාරිස් සහ ෆයිසාල් කාසීම් යන මහත්වරුන් අමාත්‍යධුර භාර ගෙන නොමැති බව වාර්තා වෙයි,
 

More News..