brand logo

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

22 May 2021

උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් මේ වන විට සුළි කුණාටුවක් දක්වා නිර්මාණය වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී. එමෙන්ම අද (22) සිට නැවත දැනුම් දෙනතුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ දිවයින වටා මුහුදේ ධීවර සහ නාවික කටයුතු නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි. දැනට ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් වැසි සහ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පැ.කි.මී 50 -60ත් අතර සුළං ඇති වේ. එමෙන්ම සුළි කුණාටුවේ ඍජු බලපෑමක් දිවයිනට නොමැති වුවත් ලංකාව ආශ්‍රිත පහළ සහ මධ්‍ය වායුගෝලීය සුළං රටා වෙනස් විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..