brand logo

ධීවර ජනතාව වෙනුවෙන් සජිත් හඬනගයි

04 October 2022

මත්ස්‍ය කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් ව්‍යාපාර බිඳවැටීමේ අවධානමක්මක්

පසුගිය රජය මැදිහත් වී යුරෝපා සංගමයෙන් මෙරටට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමත් සමග මෙරට මත්ස්‍ය අපනයනය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගියද එය නැවතත් අඩාල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වර්තමානයේ එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකියයුතු මට්ටමින් ඉහළ ගියද මත්ස්‍ය අපනයනයෙන් මෙරටට ලබා ගත හැකිව තිබූ වාසිය මෙරටට නොලැබෙන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේ දී ධීවර ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය. ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය විසින් ධීවරයින්ට යම් කිසි සහනයක් ලබා දිය යුතු බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට ධීවරයින්ට සිදු වූ හානිය ද නියමාකාරව පියවා නොමැති බැවින් අදාළ ධීවරයින්ට නිසි පියවීම් සිදුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
 

More News..