brand logo

ධීවරයින්ට අනතුරු හැඟවීමක්

14 October 2020

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල හෙට (15) උදෑසන දක්වා ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මීගමුව සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (55-60) දක්වා වැඩි විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..