brand logo

ධම්මික පෙරේරා පොදු අපේක්ෂකය වෙනවද?

29 May 2019

ගයන්ත කරුණාතිලකට ද ‘තවත් ස්වාමීන් වහන්සේ නමක්’ පිළිබඳ ‘පක්ෂයේ මතය’ පැහැදිලි කරගැනීම අවශ්‍ය විය. ‘‘ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට නිදහස දෙන්න ජනාධිපතිතුමා ගත්තු තීරණය ගැන එජාප ස්ථාවරය මොකක්ද...?’’ ගයන්ත කරුණාතිලක විමසුවේය. ‘‘උන්වහන්සේ හිරේට ගියේ ආණ්ඩුව කරපු දෙයක් හින්දා නෙවෙයි, උසාවිය ඇතුළෙදි අධිකරණයට පරුෂ වචනයෙන් බැන්න හින්දා... දඬුවමුත් ලැබුණා... කොහොම වුණත්, මේ ගැන අධිකරණ ක්ෂේත්‍රය ඇතුළෙ නං රහස් සංවාදයක් යනවා... මේ නිදහස් කිරීම පිටිපස්සෙ විශාල දේශපාලනයකුත් තියනවා...’’ යි කීවේ එජාප නීති නිලධාරියෙකි. ‘‘ධම්මික පෙරේරා පොදු අපේක්ෂකය වෙනවද, නැත්නම් වෙනත් ක්‍රමේකින් ජනාධිපතිවරණෙට ඉල්ලනවද කියල සංවාදයකුත් ඇතිවෙලා තියෙනවා...මොකක්ද ඒ කතාව...? ඒකනං ඉතින් දන්නෙ ඔබතුමාම තමයි...’’ නවීන් දිසානායක අගමැතිවරයාගෙන් විමසුවේ මඳ සිනහවක්ද නඟමිනි. ‘‘ධම්මික ලංකාවට අදාළ බිස්නස් කමිටුවේ ඉන්නවා... ඉතින් අපි විටින් විට හම්බවෙනවා... එයා මාත් එක්කනම් හැප්පෙන්න හේතුවක් නෑ... හැබැයි එයා ජනාධිපතිවරණෙට එනවා කිව්වාම පොහොට්ටුවෙ අයගෙ වගේම අපේ සමහරුන්ගෙත් නළල රැලි වැටුණා කියල ආරංචියි... කාලය සියල්ල විසඳයි... අපි ඔහොම යමුකො...’’ අගමැතිවරයා කීවේ ය. මේ අතර මංගල සමරවීර ‘මේක බෞද්ධ රටක් නෙවෙයි...’ යනුවෙන් කළ ප්‍රකාශය ගැනද කතාබහ විය.‘‘පහුගිය සතිය දෙක මංගල ඇමතිතුමාට ටිකක් අගුණයි... මීඩියා කාරයො ඉෂූ එකක් කරගත්තට එතුමාට කියන්න ඕන වුණේ, මේක බෞද්ධයින්ගෙ රටක් විතරයි කියන එක...’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
 

More News..