brand logo

ධනුෂ්ක ගුණතිලක ඇමරිකාවට?

03 August 2021

මාස හයක දේශීය තරග පිටිය සහ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක ඇමරිකාව බලා යාමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

අදාළ තරග තහනම පැනවීමෙන් අනතුරුව ධනුෂ්ක ඇමරිකාව බලා යාමේ බලාපොරොත්තුවකින් පසුවන බව වැඩිදුරටත් වාර්තා විය. එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුළ බිඳ රාත්‍රී විථි සංචාරයේ යෙදෙමින් වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ධනුෂ්කට අදාළ දඬුවමට අමතරව රුපියල් කෝටියක් වූ දඩයක් ගෙවන ලෙසටත් ක්‍රිකට් ආයතනය නියම කළේය. ධනුෂ්ක සමග සිටි කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලටත් අදාළ දඬුවම පනවා තිබුණි. තවද, ඔවුන් තිදෙනාටම මානසික උපදේශයන් අනිවාර්ය කිරීමටත් ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. මීට පෙර තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සහ දඟ පන්දු යැවීමේ ක්‍රීඩක අමිල අපෝන්සු ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාව බලා ගියහ.
 

More News..