brand logo

ධනුෂ්ක එක්දින ලකුණු 1000යි - ශ්‍රී ලංකාවට 137ක් අවශ්‍යයි

03 January 2019

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවශ්‍යව තිබෙන්නේ ලකුණු 137ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 37ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 235ක් රැස්කර ගෙන සිටිනවා. පන්දුවට පහරදීමේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 76ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 43ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 18යි. දිනේශ් චන්දිමාල් ලකුණු 10යි. නොදැවී පන්දුවට පහරදෙන කුසල් පෙරේරා ලකුණු 64ක් සහ අසේල ගුණරත්න ලකුණු 6ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටිනවා. නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 371ක් ලබාගැනීමට සමත් වුණා.
 

More News..