brand logo

ධනුෂ්කගේ දෙවන ඇප ඉල්ලීම අද අධිකරණයට

17 November 2022

නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසර

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගතව සිටින ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි. ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුරදී ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට සිඩ්නි තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 

More News..