brand logo

ධනංජය 8වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

02 December 2021

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 300 සීමාව ඉක්මවා යයි

කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා අද (02) සමත් විය. ඔහු අද මෙලෙස වාර්තා කළේ සිය 8 වන ටෙස්ට් ශතකයයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකිනෙකා දැවී යද්දී හුදකලා සටනක නිරතව සිටින ධනංජය ද සිල්වා පන්දු 255කට මුහුණ දෙමින් තුළ හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් ද සමගින් මේ වනවිට ලබාසිටින ලකුණු සංඛ්‍යාව 150කි.

ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව ලබා සිටින ලකුණු සංඛ්‍යාව 317කි.
 

More News..