brand logo

දෝනි නායකත්වයේ ඉනිමකින් චෙන්නායි දිනවයි

01 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් කැපී පෙනන චරිතයක් බවට තවදුරටත් පත්වීමට මහේන්ද්‍ර සිං දෝනි ඊයේ (31) සමත් විය. ඒ චෙන්නායි පිල පන්දුවට පහරදීමේදී ඉතාමත් අසීරු තත්ත්වයක ඇද වැටී සිටියදී ඔහු විසින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 75ක් රැස්කර ගැනීමත් සමගය. පන්දු 46කට මුහුණදෙමින් දෝනි දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගයි නොදැවී ලකුණු 75ක් රැස්කර ගනු ලැබන්නේය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරගත්තේය. අනතුරුව පිටියට පැමිණි රාජස්ථාන් රෝයල් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 167ක් පමණී. ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ තරග 3ම ජයගෙන තිබේ.

දෝනිගේ සුපිරි ඉනිම මෙතනින් බලන්න

 

More News..