brand logo

දෝනිගේ 'දෝණි'ට තර්ජනය කළ අවු. 16 තරුණයා

13 October 2020

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගයක් පරාජයට පත්වීම හේතුවෙන් උරණ වී එම කණ්ඩායමේ නායක එම්.එස්. දෝනිගේ හය හැවිරිදි දියණිය වන ෂිවාව දූෂණය කරන බවට තර්ජනය කළ 16 හැවිරිදි පුද්ගලයකු මුන්ද්‍රා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත්දා (10 වැනිදා) පැවැති කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවැති තරගය පරාජය වීමෙන් අනතුරුව චෙන්නායි පිලේ නායක දෝනිට මෙම තර්ජනය සම්බන්ධයෙන් සැලවී තිබේ. ‘ඉන්ස්ටග්‍රෑම්’ මාධ්‍ය හරහා දෝනිගේ කුඩා දියණියට අදාළ තර්ජනය සිදුකර ඇති අතර ඉන්දියාවේ මෙලෙස දෝනි වෙනුවෙන් අමානුෂික විරෝධයක් නැගුණු ප්‍රථම අවස්ථාවද මෙය වීම කැපී පෙනෙන කාරණයක් විය. මේ සම්බන්ධයෙන් මේ වනවිටද ඉන්දියාවේ දැඩි කතිකාවක් ඇරඹී ඇති අතර කාන්තාවන්ට එරෙහි අඛණ්ඩ ප්‍රචණ්ඩත්වය සහ හත්‍රාස්හි පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් රටේ පටු, පුරුෂ මූලික මානසිකත්වය මෙයින් ඉස්මතු වී ඇති බවත්, එම තර්ජන නිකුත් කරන්නාගේ තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන ලෙසද එරට කාන්තා අයිතීන් පිළිබඳව පෙනී සිටින සංගම් ඉල්ලා තිබේ.
 

More News..