brand logo

දෛනික වැඩිම ආසාදිතයන් ගණන ගම්පහින්

03 January 2021

  දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් හඳුනා ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව ඊයේ (02) දිනයේ ආසාදිතයන් 144ක් හඳුනා ගෙන තිබෙනවා. එසේම ඊයේ (02) දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයන් ගණන 515ක් වනවා. එම ආසාදිතයන් ගෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96ක්,කොළඹ දිස්ත්‍රික්කයෙන් 47ක් වශයෙන් වාර්තා වී ඇති අතර විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගනු ලැබුවා. තවද ඊයේ (02) හඳුනා ගත් ආසාදිතයින් 83 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 44,371ක් බවට පත්ව ඇති අතර ඉන් ආසාදිතයින් 36,717 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ආසාදිතයින් 7,443 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. කොවිඩ් මරණ 3ක් ඊයේ දිනයේත් වාර්තා වී ඇති අතර සමස්ත මරණ ගණන 211ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ, ගම්පහ දිස්ත්‍රික්කය - 144 මීගමුව - 77 ගම්පහ - 16 බියගම - 12 වත්තල - 6 දොම්පෙ - 5 අත්තනගල්ල - 4 මීගහවත්ත - 3 වැලිවේරිය -3 දෙල්ගොඩ - 2 දිවුලපිටිය - 2 වේයන්ගොඩ - 2 කැලණිය - 2 කිරිඳිවෙල - 2 මීරිගම - 1 කඩවත - 1 මිනුවන්ගොඩ - 1 පමුණුගම -1 පෑලියගොඩ -1 පූගොඩ -1 සීදූව 1 යක්කල -1 මහනුවර දිස්ත්‍රික්කය - 96 කොළඹ දිස්ත්‍රික්කය - 47 නාරහේන්පිට - 10 බොරැල්ල - 7 මරදාන - 3 මට්ටක්කුලිය - 1 අවිස්සාවේල්ල - 4 දෙහිවල - 1 මීපෙ - 1 ගල්කිස්ස - 11 මොරටුව -1 නුගේගොඩ - 6 වැල්ලම්පිටිය - 2 පොළොන්නරුව දිස්ත්‍රික්කය - 43 මාතර දිස්ත්‍රික්කය - 33 කුරුණෑගල දිස්ත්‍රික්කය - 33 රත්නපුර දිස්ත්‍රික්කය - 31 හම්බන්තොට දිස්ත්‍රික්කය - 22 කළුතර දිස්ත්‍රික්කය - 12 නුවරඑළිය දිස්ත්‍රික්කය - 11 ගාල්ල දිස්ත්‍රික්කය - 09 පුත්තලම දිස්ත්‍රික්කය - 07 අම්පාර දිස්ත්‍රික්කය - 04 මාතලෙ දිස්ත්‍රික්කය - 04 ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය - 03 මන්නාරම දිස්ත්‍රික්කය - 01 මොනරාගල දිස්ත්‍රික්කය - 01 මඩකලපුව දිස්ත්‍රික්කය - 01
 

More News..