brand logo

දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස කතානායකවරයා ඉල්ලයි

20 May 2019

කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව එහි සඳහන් වන අතර අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බව එහි සඳහන් වෙයි. තවද එම තත්ත්වය තවත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයාගේ නිවේදනයේ සඳහන් ව ඇත.
 

More News..