brand logo

දෛනික ආසාදිතයන් ගණන 800 ඉක්මවා යයි

22 January 2021

    කොවිඩ් ආසාදිතයන් 887 දෙනෙකු ඊයේ (21) මෙරටින් හඳුනා ගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් ගණනක් හඳුනා ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සඳහන් වනවා. මේ අනුව ඊයේ (21) හමුවූ ආසාදිතයන්ගෙන් 50%ක් පමණ වාර්තා වී ඇත්තේ කොළඹ, කලුතර සහ ගම්පහ (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක වලිනි. ඊයේ (21) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 337ක් හඳුනා ගෙන තිබේ. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 136ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 71ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 51ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 49ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 47,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 33ක්,අම්පාර දිස්ත්‍රික්කයෙන් 29ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 21ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
 

More News..