brand logo

දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රමුඛත්වය නොදෙනවා නම් ආයුර්වේද රෝහල් වසා දමන්න ඕනෑ

11 June 2020

දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රමුඛත්වය දීමට රජය සූදානම් නොමැති නම් දේශීය වෛද්‍ය උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල සහ සියලුම ආයුර්වේද රෝහල් වසා දැමිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසීය. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තිබුණද එමගින් ඇමැතිවරිය සහ නියෝජ්‍ය ඇමැතිවරිය සැප විඳිනවා මිස ඉන් රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය. දේශපාලන වේදිකාවලදී දේශීය වෛද්‍ය ක්‍රමය පෝෂණය කිරීමට කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළද එය තවමත් කිසිදු රජයක් ක්‍රියාවට නංවා නොමැති බවද වෛද්‍යවරයා අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිමල් කරුණාසිරි මෙසේද කීය. ‘‘රටේ සෞඛ්‍ය අර්බුදයක් ආවාම ඊට නිල බලයෙන් අපිට මැදිහත් වීමට බැරි නම් රටේ ජනතාව​ගේ බදු මුදල්වලින් තරුණ කණ්ඩායම් අධ්‍යාපනය ලැබීම තේරුමක් නැහැ. රජය කියනවා අපි බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තරම් කුසලතා පෙන්නලා නැහැ කියලා. එහෙම පෙන්වන්න අවශ්‍ය සම්පත් අපට දීලා නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ තමයි මේ කොරෝනා ප්‍රශ්නයේදී දේශීය වෛද්‍යවරු පැත්තට දාලා තිබුණේ. අපි කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පරිපාලනය ආයුර්වේද වෛද්‍යවරයෙක් අතට පත් කරන්න ඕනෑ මේක තවදුරටත් ඉස්සරහට ගන්න අවශ්‍ය නම්. තවමත් බටහිර වෛද්‍ය ක්‍රමයට මුල්තැන දෙමින් සුද්දාට කඩේ යනවා. මේක ඉතාම කනගාටුවට කාරණාවක්.’’ චාමර පල්ලේගෙදර
 

More News..