brand logo

දේශපාලන රැලියකට සහභාගි වූ පිරිසකට පහරදීමක් - සිව්දෙනෙකුට තුවාල

05 November 2019

ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා පිරිසක් රැගත් බස් රථයක් ගමන් කරමින් සිටියදි නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේදී නතර කර 20ක පමණ පිරිසක් එහි සිටි මගීන්ට පහර දී ඇති බවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරන අතර මෙම පිරිස ගමන් කළ ලංගම බස් රථය යන මාර්ගයට ලී කඳන් දමා මග හරස් කර 20කට ආසන්න පිරිසක් මොවුන්ට පහර දුන් බව තුවාලකරුවෝ සඳහන් කරයි. මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව ඇත.
 

More News..