brand logo

දේශපාලන උණුසුම අස්සේ ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා ලංකාවට එන්න බලයි

21 September 2019

දේශපාලන උණුසුම මධ්‍යයේ පාතාල මර්දන මෙහෙයුම් ඇනහිට ඇති නිසා ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායක අංගොඩ ලොක්කා මෙරටට පැමිණ වෙනත් විදේශ රටකට පැන යෑමට සැලසුම් කර ඇතැයි පාතල මර්දන ඒකකය අනාවරණය කරගෙන ඇත. සමයං ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමෙන් පසු ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ ඉන්දියාවට ගෙන්වා ගත්තේ කිඹුලාඇල ගුණාගේ කණ්ඩායමය. අංගොඩ ලොක්කාට එලෙස ඉන්දියාවේ රැකවල් දී ඇත්තේ මධුෂ්ගේ කීමටය. ඉන්දියාවේ සිට ඩුබායිවලට යාමට අංගොඩ ලොක්කා උත්සාහ කළත් මාකඳුරේ මධුෂ් ඊට සහාය නොදීම හමුවේ දෙදෙනා අතර විරසකයක් පැවතුණි. මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මධුෂ් බේරා ගැනීමේ මෙහෙයුමට ලොක්කා සොයා ඉන්දියාවට පැමිණි මොහොතේ ලොක්කා ඇය තමාගේ ළඟ නවත්වා ගැනීම නිසා මධුෂ් හා ලොක්කා අතර මරාගන්නා සටනක් දක්වා ගැටුම දුරදිග ගොස් ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා විය. මධුෂ් රහස් පොලිසියේ රඳවා සිටින තැනකදී හෝ අවසන් ගමන් යවන්නට ලොක්කා සැලසුම් කරන බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මධුෂ්ගේ හිතවත් පාතාල කණ්ඩායම් වන කිඹුලාඇළ ගුණාගේ කල්ලිය සමග ඉන්දියාවේ රැඳී සිටීම අනතුරුදායක යැයි කියා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට පැමිණෙන්නට සැලසුම් කළ බව ඉන්දියාවේ සිටින පාතාල ඔත්තුකරුවන් මෙරට බුද්ධි අංශවලට පවසා තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..