brand logo

දේශපාලනේ දිව දෙපැත්තට නැවෙනවා නම් තනතුරු ලැබෙනවා

01 April 2019

අපේ හාමුදුරුවන්ට ගෞරව නාම තනතුරු ලැබීමට වසර ගණනාවක් ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදෙමින් විනය ආරක්ෂා කරමින් කටයුතු කළත් දේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් බව විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (31) පෙරවරුවේ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය බලංගොඩ පියනන්ද නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් වු අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙමාපියන් තම දරුවන් ආගමික පසුබිමක හැදිය යුතුයි. සෑම ආගමකටම මෙය පොදුයි. නැතිනම් සිදුවන අකටයුතුකම්වලින් සමාජය පිරිහීමට පත්වෙනවා. සෑම ආගමකටම අගමික වතාවත්වල යෙදීම සඳහා නියමිත දිනයක් තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික භක්තිකයින් එම දිනයට තම ආගමික ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදෙනවා. නමුත් බෞද්ධයින් එහෙම නැහැ. පෝය දවසට නිවාඩු දුන්නත් ඔවුන් තම දරුවන් සමඟ පන්සල් නොගොස් ගෙදරට වී සිටිනවා. මෙම තත්වය වෙනස් විය යුතුයි. ඒ සඳහා දෙමාපියන් මුල්විය යුතුයි. තමන්ගේ රට ජාතිය ගැන සිතා දරුවන් ආගමික පසුබිමක හොඳ පුරවැසියන් ලෙස රටට දායාද කිරීමේ වගකීම දෙමාපියන් සතුයි. තරුණ තරුණියන්ට තම හැකියාවට රැකියාවක් ලබා ගැනීමටත්, ඔවුන් ආගමික පසුබිමකට යොමු කිරීම සඳහාත් තමයි අපි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ආගමික ස්ථාන මුල් කර ගෙන ආරම්භ කළේ යැයි ද මෙහිදී මහින්ද රාජපක්‍ෂ මැතිතතුමා වැඩිදුරටත් පැවසීය.
 

More News..