brand logo

දේශපාලනයට පොලිතින් තහනමක්

02 February 2019

දේශපාලන කටයුතුවල සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීම වහාම නතර කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය සියලුම දේශපාලන පක්ෂවලට හා පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇත. ඒ අනුව ඒ ඒ පක්ෂවල ආසන සංවිධායකවරුන්ටද ඒ බව දන්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ලිඛිතව දැනුම් දී තිබේ. එසේ තිබියදී නීතිය කඩකරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වේ. ඒ අනුව එම ආසනවල පක්ෂයට අදාළ පැහැයෙන් යුතු පොලිතින් හා ප්ලාස්ටික් යොදා ගනිමින් දේශපාලන කටයුතුවල සැරසිලි සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් ලෙස ඔවුන් වගකිව යුතු බව දන්වා ඇත. චමින්ද සේනාරත්න
 

More News..