brand logo

දේශපාලඥයෙකු මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ නැතිනම් මත්ද්‍රව්‍ය නැවැත්විය හැක - ටිල්වින්

17 February 2019

රටේ විනය ආරක්ෂා කරන තැනින් දූෂණ සිදුවන්නේ නම් ඉදිරිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ගාල්ලේ පැවති "රට දිනවන අභියෝගයට අපි සූදානම්" රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර හොඳ පුරවැසියෙක් හදන තැන හොඳ පුරවැසියෙක් හදන පුද්ගලයින් පගාව ගන්නේ නම් හෝ රටේ විනය හදන තැන විනය හදන පුද්ගලයින් පගාව ගන්නේ නම් රටේ තත්ත්වය කුමක්ද යන්න විමසමින් ඔහු ප්‍රකාශ කලේ වර්තමාන ක්‍රමය සකස් වී ඇත්තේ එලෙසින් බවය. විවිධ වූ ප්‍රකාශ සිදු කරමින් මත්ද්‍රව්‍ය නැවැත්වීමට ජනාධිපතිවරයාද උත්සහ කළත් එසේ නැවැත්වීම කළ නොහැකි බවත් දේශපාලඥයෙකු මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ නැතිනම් මත්ද්‍රව්‍ය නැවැත්විය හැකි බවද ඔහු කියා සිටියේය.
 

More News..