brand logo

දෙහිවල සතුන් වත්තේ සේවකයෙකුට කොවිඩ්

19 June 2021

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටි සිංහයාට කොවිඩ් ආසාදනය වීමේ සිද්ධියත් සමග එම සත්වෝද්‍යානයේ සේවකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලදී සත්වෝද්‍යාන සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. එම සේවකයා ඊයේ (18) දිනයේ රෝහල්ගත කිරීමට පියවර ඇති බවද පැවසේ. මේ අනුව සත්වෝද්‍යානයේ සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ මේ සේවකයාගෙන් දැයි සොයා බලා ගෙන යන බවද අමාත්‍යවරයා පවසයි. මේ අතර දෙහිවල, පින්නවල හා රිදියගම යන සත්වෝද්‍යාන තුනේම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සිංහයාට කොරෝනා ආසාදනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් එහි අවසන් වාර්තාව දින දෙකකින් ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.
 

More News..