brand logo

දෙහිවල සත්වෝද්‍යානය 26දා සිට යළි විවෘතයි

22 July 2021

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මස සිට මහජනතාව සදහා වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනතාව සදහා විවෘත කිරීමට සැලසුම් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සදහන් කළේ ලබන 26 වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කරන බවයි. පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය මේ වන විටත් විවෘත කර ඇති බව ඇය සදහන් කරයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේ පහත සදහන් වේලාවන් වලදී මහජනතාවට එම සත්වෝද්‍යානය විවෘත කර ඇති බවයි. 2021.07.26 සිට දිනපතා දෙහිවල සත්වෝද්‍යානය - පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා රිදියගම සෆාරි උද්‍යානය - පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා 2021.07.17 සිට දිනපතා පින්නවල සත්වෝද්‍යානය - පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පින්නවල අලි අනාථාගාරය - පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා
 

More News..