brand logo

දෙහිවල බෝම්බකරුට බුද්ධි නිලධාරියකුගේ රැකවරණ - කොළඹ සරසවියේ එකට ඉගෙන ගෙන

10 August 2019

දෙහිවල කරගම්පිටිය නිව්ටොපිකල් ලැගුම්හල තුළදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය සහරාන්ගේ කණ්ඩායමේ ජමල්ඩීන් නමැත්තා රාජ්‍ය බුද්ධි සේවයේ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ සොයන කිව් (Q) ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු සමග කොළඹ විශ්වවිද්‍යාලයේ අරාබි භාෂාව ඉගෙන ගත් පන්ති සගයකු බවට තොරතුරු හෙළිව තිබේ. මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගැනද ඉරිදා ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන්ගේ බිරියගේ නිවස පිහිටි කුරුණෑගල කටුපොතට ගොස් ඇත. අප්‍රේල් 26 වැනි දින කාත්තන්කුඩි සයින්දු මරුදු නිවසක් තුළ මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේ එහි සිට ඇති බවට තොරතුරු හෙළිව ඇත. සහරාන්ගේ තවුහිද් ජමාද් සංවිධානය අන්තවාදීව කටයුතු කරන බවට රාජ්‍ය බුද්ධි සේවයේ ‘‘කිව්’’ අංශය හෙළි කර ගෙන සිටියදී මෙම ජමල්ඩීන් යන අයද අන්තවාදීන් සමග කටයුතු කරන බවට හෙළි කර ගෙන තිබී ඇත. එසේ තිබියදී ඔහු සමග ඉගෙනුම ලැබූ බුද්ධි අංශ නිලධාරියා ඒ පිළිබඳ නොදැනුවත්ව සිටීම ගැටලුවකට කරුණක් බව සෙසු බුද්ධි අංශ නිලධාරීහු පවසති.
 

More News..