brand logo

දෙහිවල නීති විරෝධී ඖෂධ ගබඩාවක් වටලයි

23 June 2021

බලපත්‍ර නොමැතිව ආනයනය කළ රුපියල් කෝටි එකහමාරක ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ දී ඊයේ (22 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම ස්ථනායේ තිබී මීට පෙර සොයාගත් ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම ඖෂධ තොගය අත්අඩංගුවට ගෙන ඇත. එම ඖෂධ තොගය ඖෂධ වර්ග හයකින් යුක්ත වෙයි. මෙම වැටලීම සිදු කරන අවස්ථාවට රාජ්‍ය ඇමැති චන්න ජයසුමනද එක්ව සිටියේය. කළ පරීක්ෂණවලදී මෙම ඖෂධ කල් ඉකුත් වී තිබූ බවද හෙළි වී ඇත. උදයජීව ඒකනායක
 

More News..