brand logo

දෙසැම්බර් 25 සිට වැසි අඩුවන ලකුණු

23 December 2019

දිවයිනේ පළාත් කිහිපයක පවතින තද වැසි තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතින අතර දෙසැම්බර් මස 25 දින සිට තාවකාලිකව තරමක් දුරට වැසි අඩුවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාරත්මේන්තුව සදහන් කළේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌවපළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද වැසිද මධ්‍යම පළාතෙත් අම්පාර, මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තද වැසිද සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසිද බස්නාහිරපළාතෙත් ගාල්ලසහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..