brand logo

දෙසැම්බරයේ මිල අධිකම ගස

25 December 2020

නත්තල් ගස නත්තල් කාලය හා බැඳුණු ඉතා ජනප්‍රිය වස්තුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පහත පළ වන්නේ නත්තල් ගසේ අතීතය හා බැඳුණු අපූරු තොරතුරු ටිකකි. නත්තල් ගස එම නමින් කියැවෙන පරිදිම නත්තල් උත්සවය සමග බැඳී ඇති නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර පවා ශීත සෘතුවේ මෙම ගස් වර්ගය සිය නිවෙස් සැරසීමට යොදා ගැනීමට ඇතැම් රටවල මිනිසුන් පුරුදු වී සිටි බව සඳහන් වේ. ඔවුන් එවැනි පියවරක් ගෙන ඇත්තේ ශීත සෘතුවෙන් පසු එළැඹෙන වසන්ත සෘතුව ගැන මතකයට නගා ගැනීමේ අදහසින් බවට කතාවක් තිබේ.
  • සරසන ලද පළමු නත්තල් ගස ඉදි කරන ලද්දේ ක්‍රි.ව. 1510 වසරේ ලැට්වියාවේ රිගා නමැති ප්‍රදේශයේයි. සමහර රටවල චෙරි ගස් පවා නත්තල් ගස් ලෙස යොදා ගෙන ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් විය හැකිය. ඉන්දියාවේ නම් අඹ ගස් සහ කෙසෙල් ගස්ද නත්තල් ගස් ලෙස සරසන බව සඳහන් වේ.
[caption id="attachment_119925" align="aligncenter" width="480"]                                    සරසන ලද පළමු නත්තල් ගස[/caption]
  • මුල් කාලයේ නත්තල් ගස් ආලෝකවත් කිරීම සඳහා යොදාගෙන තිබුණේ ඉටිපන්දම්ය. එම සිරිත ආරම්භ වී තිබුණේ 17 වැනි සියවසේයි. පළමු වරට විදුලි බල්බවලින් සරසන ලද නත්තල් ගසක් ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවකු ලෙස සැලකෙන තෝමස් අල්වා එඩිසන්ගේ සමීප මිතුරකු සහ ඔහු සමග එකට වැඩ කළ කෙනෙකු වූ එඩ්වඩ් ජොන්සන්ටය. මෙම නත්තල් ගස 1882 වසරේ ඉදිකර ඇත්තේ එඩිසන්ට අයත් වූ බලාගාරයක් තුළය. එය කැරකෙන පෙට්ටියක් මත ඉදිකර තිබූ බවත් ඒ නිසා නරඹන්නන්ට එහි වටේම වූ විවිධ වර්ණවල විදුලි බල්බ දැකගත හැකි වූ බවත් සඳහන් වේ. එවැනි බල්බ 80ක් පමණ එහි රඳවා තිබී ඇත. එයට පෙර කිසි දිනෙක දැක නොතිබූ මෙම දසුනින් බොහෝ දෙනා විස්මයට පත්ව තිබිණි.
[caption id="attachment_119894" align="aligncenter" width="640"]                                                   විදුලි බල්බවලින් සැරසූ පළමු නත්තල් ගස[/caption]
  • යුක්රේන ජාතිකයන් ඔවුන්ගේ නත්තල් ගස් මකුළු දැල්වලින් සරසන බව පැවසේ. මෙය එක්තරා සංවේදී ජනප්‍රවාදයක් හා බැඳී ඇති කටයුත්තකි. මෙම ජනප්‍රවාදයට අනුව එක්තරා දිළිඳු වැන්දඹුවක් ඇයගේ දරුවන් සතුටු කරනු පිණිස නත්තල් ගසක් නිවසට ගෙනැවිත් තිබුණාය. නත්තල් ගස ගෙනාවද ඇයට එය සැරසීමට වෙනත් කිසිවක් තිබුණේ නැත. මේ නිසා නත්තල් දිනයට පෙර දිනයේ ඇය නින්දට ගියේ හැඬූ කඳුළිනි. රාත්‍රියේ ඇය හඬන හඬ ඇසූ මකුළුවෝ ඔවුන්ගේ දිලිසෙන දැල් විශේෂයකින් නත්තල් ගස සරසන්නට වූහ. අවසානයේ මෙම මකුළු දැල් රිදී සහ රත්රන් දැල් බවට පත්විය. පසුදා අලුයම අවදි වූ විට මෙය දුටු වැන්දඹුව මහත් සේ ප්‍රීතියට පත් වූවාය. යුක්රේන සම්ප්‍රදායන් තුළ මකුළුවා සැලකෙන්නේ වාසනාව ගෙනෙන සතෙකු ලෙසිනි.
[caption id="attachment_119896" align="aligncenter" width="1200"]                                                                                   මකුළු දැල් වලින් සරසන ලද නත්තල් ගස්[/caption]
  • පෝලන්තයේ එක්තරා කාලයක නත්තල් ගස් උඩුයටිකුරු කර වහලයෙන් එල්ලා තබා ඇති අතර අදටත් ඉඳහිට එවැනි නත්තල් ගස් දැකිය හැකි බව සඳහන් වේ. පළමු වරට කෘත්‍රිම නත්තල් ගස් භාවිත කර ඇත්තේ ජර්මානුවන්ය. ඒ, 1880 පමණ කාලයේයි. මෙම ගස් නිර්මාණය කිරීම සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ පාත්තයන් ගේ පිහාටුය. ඒවා කම්බිවලින් බැඳ විවිධ සායම් වර්ග තැවරීමෙන් මෙම නත්තල් ගස් නිර්මාණය කරගෙන තිබිණි.
[caption id="attachment_119917" align="aligncenter" width="735"]                                                               වහලේ එල්ලා තිබෙන නත්තල් ගස්[/caption]
  • ලෝකයේ උසම ස්වාභාවික නත්තල් ගස ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ 1950 වසරේ නිර්මාණය කරන ලද්දකි. එය ඉදි වූයේ නෝර්ත්ගේට් සාප්පු සංකීර්ණයේයි. එහි උස මීටර 67.36 ක් (අඩි 221 ක්) ලෙස සඳහන් වේ.
[caption id="attachment_119923" align="aligncenter" width="1000"]                                                                                      ලෝකයේ උසම ස්වාභාවික නත්තල් ගස[/caption]
  • මේ අතර ලොව ඉදි වූ විශාලතම කෘත්‍රිම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ 2016 වසරේ ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර ඉදි වුණු නත්තල් ගසයි. එහි උස මීටර 72.1 (අඩි 236)කි.
[caption id="attachment_119924" align="aligncenter" width="512"]                                      ලෝකයේ උසම කෘත්‍රිම නත්තල් ගස [/caption] නත්තල් ගස් සම්බන්ධයෙන් පැවසෙන තවත් අපූරු කතාවක් වන්නේ පාප් වහන්සේ වාසය කරන වතිකානුව තුළ මෑතක් වනතෙක්ම නත්තල් ගසක් ඉදි නොවූ බවයි. කතෝලික පල්ලිය කාලයක්ම නත්තල් ගස් සම්ප්‍රදාය ප්‍රතික්‍ෂේප කර තිබිණි. 1982 වසරේ මුල් වරට වතිකානුවෙහි නත්තල් ගසක් පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ එවකට සිටි දෙවැනි ජෝන් පෝල් පාප්වහන්සේයි. උන්වහන්සේ කතෝලික පල්ලියේ සම්ප්‍රදායන් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පියවර ගත් කෙනෙකු ලෙස සැලකේ.
  • මේ අතර මුළුමනින්ම පස්වලින් සාදනු ලබන නත්තල් ගසක් ගැනද අසන්නට ලැබේ. මෙම නත්තල් ගස වාර්ෂිකව ඉදි වන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච් නැමැති නගරයේයි. මෙම නත්තල් ගස ඉදිකිරීම සඳහා පස් ටොන් 700ක් පමණ යෙදවෙන බව සඳහන් වේ. අඩි 35ක උසින් යුතු මෙම අපූරු නත්තල් ගස හැඳින්වෙන්නේ ‘සැන්ඩි’ යන නමිනි.
[caption id="attachment_119921" align="aligncenter" width="1200"]                                                                                               පස් වලින් සාදන නත්තල් ගස[/caption] නිවෙස්වල සාමාන්‍යයෙන් භාවිතා වන අඩි 6-7ක් පමණ උස නත්තල් ගසක් එම ප්‍රමාණයට වැඩීම සඳහා වසර 10ක පමණ කාලයක් ගත වේ. කපනු ලබන සෑම නත්තල් ගසක් වෙනුවෙන්ම ගොවීන් පැළ තුනක් අලුතෙන් සිටුවන බවද සඳහන් වේ. සාමාන්‍යයෙන් නත්තල් ගස සඳහා ගනු ලබන්නේ ෆර් නමින් හැඳින්වෙන ගස් විශේෂයකි. [caption id="attachment_119926" align="aligncenter" width="512"]                                                  නත්තල් ගස් වගාවක[/caption] කොවිඩ් වසංගතය නිසා මේ කාලයේ බොහෝ ව්‍යාපාර බිඳ වැටී ඇතත් මෙම වසරේ නත්තල් ගස් අලෙවිය නම් බොහෝ රටවල බෙහෙවින් ඉහළ ගොස් ඇති බව පසුගිය දිනවල වාර්තා විය. වසංගතය නිසා නත්තල් සමයේ බොහෝ දෙනෙකුට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදු වීම හේතුවෙන් ඔවුන් නිවෙස් තුළ නත්තල සැමරීමට වෙනදාට වඩා වැඩි උනන්දුවක් දැක්වීම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස පෙන්වා දෙනු ලැබේ. සහන් වික්‍රමගේ
 

More News..