brand logo

දෙවියෝ මට මැණිකක් දුන්නා

22 February 2020

හේලි නාට්‍යයේ නටාෂා ගැන ඔබ දන්නෙ මොනවාද? නටාෂා ගැන ඔබ මොනවා දැන නොදැන සිටියත් සුධීක්ෂා සමාධි ගැන නම් දන්න කියන අය බො​හෝමයි. මන්ද නටාෂා කියන්නෙ සුධීක්ෂා සමාධි වසර ගණනාවක් තිස්සේ බොහෝ නිර්මාණවලට දායක වෙමින් පැමිණි ගමනක තවත් එක් නැවතුම් පළක් වන නිසා. සුදීක්ෂාට මේ ගමනෙදි ප්‍රේක්ෂක ආදරය කොතරම් වටින සාධකයක්ද? මම ටෙලිනාට්‍යයක වැඩ කරත්දි කරන දේ උපරිමයෙන් කරනවා. ඉතින් ඒ කළ වැඩෙන් පස්සෙ ප්‍රේක්ෂකයෝ මට ආදරය කරද්දී මම කළ චරිතයේ ගුණ දොස් ගැන කතා කරද්දී මට ගොඩක් ආස හිතෙනවා. හේලි හි නටාෂා වෙන්න පසුබිම සැකසුණේ කොහොමද? හේලි එකට නළු නිළියන් තෝරන පරීක්ෂණයක් කඩුවෙල හෝටලයක පැවැත්වෙන බව දැනගෙන මමත්, මනොජ් හා මිහිර යන මගේ මිතුරන් දෙදෙනාත් මේ පරීක්ෂණයට ගියා. ඒකට ගැහැනු සහ පිරිමි ළමයි දෙසිය හැත්තෑ ගාණක් විතර ඇවිත් හිටියා. මම හිතුවේ නැහැ මාව තේරෙයි කියලා. ඒ දෙසිය ගාණෙන්ම හේලි එකට තේරුණ එකම එක්කෙනා මම. ඔබ රංගනයට අලුත් කෙනෙක් නෙවෙයි නේද? මම 2014 පටන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. වරාමලී ටෙලි නාට්‍යයෙන් පටන් අරන් ‘කළු අරලිය’ ‘පැහැසරා’, ‘නිසල සඳ’, ‘ඔබ වස්සානේ ප්‍රේමයයි’, ‘අංකල් සෑම්’, ‘උතුම් පැතුම්’, ‘ළබැඳියේ’ ආදි නාට්‍යවල සුළු චරිත ගොඩක් කළා. 2018 තමයි ‘මෝදර බඹරු’ ටෙලි නාට්‍යයේ මට ප්‍රධාන චරිතයක් ලැබුණේ. පාසල් විය තුළත් කලා කටයුතු තිබුණද? ඔව්. මම සිරස නාළිකාවේ රන්තිත් යායට එකතුවෙද්දී හතර වසරෙ. වසන්ත ඥාානප්‍රිය ගුරුවරයා තමයි මට රඟපාන්න කැමරාවට මුහුණු දෙන්න කියල දුන්නේ. නවය වසරෙදි මම රන්තිත්යා​ෙයන් නතර වෙනවා. ඒ වෙද්දි මම අවුරුදු පහකට වැඩි කාලයක් වැඩසටහනෙහි ඉඳල තියෙනවා. නැවතත් මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරනවා. මම අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. පාසලේදි නාට්‍ය තරගවලදි මම ම පිටපත ලියල,මගේ යාළුවන් නළු නිළියන් විදිහට තෝරගෙන මම ම අධ්‍යක්ෂණය කරලා මම ම ප්‍රධාන චරිතයත් රඟපාලා අවුරුදු තුනක් පිට පිටම පාසල් කලා උ​ෙළලේ හොඳම නිළිය හා හොඳම අධ්‍යක්ෂිකාව විදිහට තේරුණා. 2011 දී මට සමස්ත ලංකා නාට්‍ය තරගවලදී හොඳම අධ්‍යක්ෂිකාව විදිහට සම්මානයක් ලැබෙනවා. පාසල් වේදිකාව මට මගේ අම්මා වගේ මහා පිටුබලයක් දුන්නා. මට මේ ගමනෙදී නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ගුරුවරුන් තුන්දෙනෙක් ඉන්නව. ඒ තමයි උදිත ඉන්ද්‍රිප්‍රිය සර්,වසන්තා දෙණිපිටිය මිස්, ජයලාල් රෝහණ සර්. ජීවිතය හා රංගනය කොතරම් දුරට බැඳලද? මම වෘත්තියෙන් පුද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ ගිණුම් සහායිකාවක්. වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කළාට මම රංගනයට මාර විදිහට ආදරෙයි. මේක මට දෙවියෝ දුන්න තෑග්ගක්. මේ ක්ෂේත්‍රයේ මට කලබලයක් නැහැ. මම හෙමින් මේ ගමන යනවා. ඇයි මේ ටෙලිනාට්‍යවලම නතරවෙලා ඉන්නෙ? සිනමාවෙන් ඇරයුම ලැබිලා තියෙනව. ඇරයුම් ලැබුණට මම ආසයි කලාවට හොඳ දෙයක් කරන්න. ඒ කියන්නෙ මම සුළු චරිත කරන්නෙ නැහැ. කියන එක නෙවෙයි සුළු චරිතයක් වුණත් මම කරන්න කැමැතියි. මගෙන් හොඳ දෙයක් කලාවට ලැබෙනවා නම් මම ඒක කරන්න කැමැතියි. එහෙම එකක් එනකං ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔබේ ගෙදෙර තොරතුරු? මම ඉපදුනේ මහරගම. මගේ ගෙදර මීගොඩ. මගේ පවුලෙ අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ. එයාලගෙන් මට ලොකු සහායක් ලැබෙනව. මගේ අම්මයි තාත්තයි මම පුංචි කාලෙම මගේ හැකියාවන් හඳුනාගෙන මාව ඉදිරියට රැගෙන ගිය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. ආදරය කරන්න කෙනෙක් තෝරගෙනද? ආදරය විවාහය කියන්නෙ මගේ පෞද්ගලි දෙයක්. ඒක සුදුසු විදිහට සිද්ධ වෙයි. ඒ ගැන කතා නොකරන්නෙ කටකතාවලට බය නිසාද? මම කටකතාවලට පොඩ්ඩක්වත් බය නැහැ. කටකතාවලට බය නම් කලාකාරයෙක් විදිහට මේ ක්ෂේත්‍රයට එන්නේ නැහැ. ඕනම කෙනෙක් රඟපෑමට එන්නෙ ඒ රිස්ක් එක අරගෙන. අපිට හොඳ වගේම නරක දේවල් ලැබෙනවා. අපි කොචච්ර හොඳින් හිටියත් සමහරු අපිව නරකටත් දකින්න පුළුවන්. හැමදෙයක්ම දරාගෙන කලාවට තියෙන ආසාවටයි මේකට ඇවිත් ඉන්නේ. අනාගත බලාපොරොත්තු මොනවද? මම හිතන්නේ දෙවියො මට දීලා තියෙනව මැණික් කැටයක්. ඒ තමයි මගේ රංගන කුසලතාවය. මම ඒක හරි විදිහට ඔපමටට්ම් කරගන්න මහන්සි වෙනවා. විවාහයත්, ආදරයත් මගේ පෞද්ගලික කාරණාවක්. ඒවා මම කලාව සමග පටලගන්නෙ නැහැ. වෙලාව ආවහම හරි දේ හරි විදිහට සිද්ධ වෙයි කියල බලාපොරාත්තුවෙන් ඉන්නවා.   ධම්මිකා සුරංගි පතිරණ
 

More News..